Tagged: Feelings

a-thought-of-lechchami-monica-ruwanpathirana

(An English translation of Monica Ruwanpathirana’s poem, “ලෙච්චමීගේ සිතුවිල්ලක්” (Lechchamige Sithuvillak) which is originally written in Sinhala)

I reach the plantation gently stepping amidst the cold mist
I drift up along the trails in the hilltop plucking the leaves
I see the estate border while treading the wavy hills
I feel my limbs trembling as I get close to the bush near the edge

My eyelids shiver as the leaves stir in the wind
Tears overwhelm my eyes as the dews drop on the ground
I speak to the grasses grown around the bush and to the great earth
And ask about the son buried beneath the shrub on that day

Raise your head above from the bush, dear son
Come behind me as a man of twenty years, dear son
Come along the footpath, down the mountain, dear son
Seeing the door of the bungalow, do halt there, dear son

My son, shout out a complaint about that day, to be overheard
From the seven doors of the bungalow to the hundred rooms in the ‘line’
From the ridge to the estate lands, and from the mounts to the plains
From the small river to the giant sea, and even beyond that

– Monica Ruwanpathirana (1946-2004)

– Translated by: Indunil Madhusankha

 

 

– The Original –

ලෙච්චමීගේ සිතුවිල්ලක්

සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා
වතු යායේ කඳු මුදුනේ දළු නෙළමින් ඇවිදිනවා
කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
මායිම ලඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා

දළු සුළඟට සැලෙනා විට මගෙ ඇසිපිය සෙලවෙනවා
පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුළැලි වැගිරෙනවා
වටා වැඩුණු තණ පඳුරට මහ පොළවට අමතනවා
එදා පඳුර යට සැඟවූ පුතු කොහිදැයි විමසනවා

පඳුර යටින් හිස ඔසවා හෙමිට නැගිටපන් පුතේ
විසිවසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ
අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
බංගලාවෙ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ

බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියයට
කඳුයායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට අසෙන ලෙසට
කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට