මට මතක
පොඩි දවස්වල
එක දිගට
මල් පිපුණු
මහ ඉඩම
සිටුවා පපුව උඩ
කොන්ක්‍රීට් කණු
කඩා සහෝදරකමේ දම්වැල්
මීටර ගණනට
සීයලාගේ සොහොන් මැද්දෙන්
වෙන්කළ
මහ ඉඩම
නිල් දිය ඉනූ
මහ ළිඳ
දඬු මුගුරු පාවෙන-බොරදිය
මල කා දිරන
කප්පිය -පනිට්ටුව
තේජස් මහ ගෙදර
සමතලා වුණු බිම
මහ පොලොව බදාගෙන
වැවෙයි රට තණකොළ
යළි මල් නොපිපෙනා බිම
තුඹස් පමණක්ය
උනුන් පරයා නැගෙන….
– සමන් විජේසූරිය(ගොල්ගොතාවේ සීපද කාව්‍ය සංග්‍රහයෙනි)
maha idama maha gedara and mawbima also lying on the same path.