මහ ඉඩම (The Big Property)

humanity-and-greed-poem

මට මතක
පොඩි දවස්වල
එක දිගට
මල් පිපුණු
මහ ඉඩම

සිටුවා පපුව උඩ
කොන්ක්‍රීට් කණු
කඩා සහෝදරකමේ දම්වැල්
මීටර ගණනට
සීයලාගේ සොහොන් මැද්දෙන්
වෙන්කළ
මහ ඉඩම

නිල් දිය ඉනූ
මහ ළිඳ
දඬු මුගුරු පාවෙන-බොරදිය
මල කා දිරන
කප්පිය -පනිට්ටුව

තේජස් මහ ගෙදර
සමතලා වුණු බිම
මහ පොලොව බදාගෙන
වැවෙයි රට තණකොළ

යළි මල් නොපිපෙනා බිම
තුඹස් පමණක්ය
උනුන් පරයා නැගෙන….

– සමන් විජේසූරිය(ගොල්ගොතාවේ සීපද කාව්‍ය සංග්‍රහයෙනි)







Tagged: ,

1 comment

  1. thennakon ranbanda May 26, 2015 4:48 am  Reply

    maha idama maha gedara and mawbima also lying on the same path.

Leave a reply to thennakon ranbanda Cancel reply

Your email address will not be published. Required fields are marked *