විඳි දුක් ගැහැට අඩු නැත මහමෙර උසට
හද ගිණි නිවන කඳුළැල් අඩු නැත නෙතට
පෑළ දොරින් පැන ගිය පෙම්බර නමට
තව ණය ගෙවයි පෙම් කල පුරුවේ පවට…
පහන් කන්ද සේ බබළන රූ සපුව
ගිණි කන්දට පෙම් බැන්දා රුවැත්තිය
හිම මෙන් දියවුනත් ආදර සිත් පොදිය
කඳුල සුසුම තනි රැුක්කා නුඹ අසළ…
අඩුවී නොමැත අව්වේ ඇති රැුස් මලා
මන්දිර නොමැත ගව්වෙන් ගව්වට සදාලා
කුසුම් කැකුළ අකලට ලොව තනිවීලා
විඳවයි තනිව හැමදාමත් වැලපීලා…
සිහින පොදි බැඳන් සිටියත් ලොවට හොරා
බිඳුණු කැඩපතින් නොබනල් රූ වරුණා
මේ බවයේ තනි වුවත් ආල නුරා
ආදර නමට නුඹ වුවා යසෝදරා…
– Eranga Dasanayake